background

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ මූලික කාර්යය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය පුරවැසියන්ගේ දැනුවත්භාවය සහතික කිරීමයි.


මෙම වෙබ් අඩවිය මඟින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට, වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය ආයතන වෙත තොරතුරු ලබාගැනීමේ අයදුම්පත් ගොනු කිරීමට සහ එවැනි තොරතුරු මාර්ගගතව ලබා ගැනීමට උපකාරී වේ. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව තොරතුරු ලබාගැනීමේ අයදුම්පත් සහ පළමු අභියාචනා පත් ගොනු කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන් හට මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.

  • 1 තොරතුරු ඉල්ලීම් යොමු කිරීමට පෙර සොයාබලන්න

    තොරතුරු ඉල්ලීමක් කිරීමට පෙර, එම තොරතුරු දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් ව ඇති දැයි බලන්න. ඔබට තොරතුරු දැනගැනීමට අවශ්‍ය අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ප්‍රයෝජනවත් තොරතුරු රාශියක් සොයාගත හැකි අතර තොරතුරු සඳහා රජයට අනුබද්ධ අනෙකුත් වෙබ් අඩවි ඔස්සේ ද සෙවිය හැකිය.ඔබට අවශ්‍ය තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් ව නොමැති නම්, ඔබට මෙම වෙබ් අඩවිය මඟින් තොරතුරු ලබාගැනීමේ අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.

  • 2 නිවැරදි ආයතනය හඳුනා ගන්න

    ඔබගේ ඉල්ලීම සඳහා නිවැරදි මහජන ආයතනය හඳුනා ගැනීම වැදගත්ය. දැනට මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ පමණක් නියමු කර ඇති අතර තොරතුරු ලබාගැනීමේ ඉල්ලීම් මධ්‍යම පරිසර අධිකාරියට පමණක් ඉදිරිපත් කළ හැකිය.

  • 3 තොරතුරු ලබාගැනීමේ අයදුම්පත යොමු කිරීම

    මහජන සංවිධානය සාමාන්‍යයෙන් පළමුව වාර්තා සෙවීම සහ අනාවරණය කළ හැකි දේ තීරණය කිරීම සඳහා ඒවා සමාලෝචනය කරයි. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත, බොහෝ වාර්තා මුදා හැරීමට ඉඩ දී ඇති අතර, පුද්ගලික රහස්‍යභාවය, ජාතික අවශ්‍යතා සහ ආරක්ෂාව වැනි කරුණු පදනම් තොරතුරු ආරක්ෂා කරන නිදහස් කිරීම් ද ඇත. ඔබ තොරතුරු ලබාගැනීමේ අයදුම්පත ඉදිරිපත් කළ දින සිට වැඩකරන දින 14 ක් ඇතුළත අදාළ මහජන සංවිධානයේ නිලධාරී විසින් තොරතුරු ලබාගැනීමේ අයදුම්පත ලැබුනු බව දන්වයි. ඔබගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතු කාලය එහි සංකීර්ණත්වය සහ ඉල්ලීම් කරුණු අනුව වෙනස් විය හැක.